අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය විධිමත් කළ යුතුයි
අම්බුළුවාව ජෛව විවිධත්ව සංකිරණයේ කේබල් කාර් ව්‍යාපෘතිය සම්බන්දයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා අවිධිමත් පරිදි කටයුතු කළ පාර්ශව වෙත පියවර ගැනිමටත් ව්‍යාපෘතිය විධිමත් කිරිමටත් පියවරගත යුතුව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
අම්බුළුවාව ජෛව විවිධත්ව භාරකාර මණ්ඩල රැස්විමේ දි රුපියල් බිලියන 1.2ක ඇස්තමේන්තුවක් අනුව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරිමටත් එය ඉදිකර පවත්වාගෙන යාමට වෙනමම සමාගමකට බදු දිමටත් තින්දුකොට තිබුණි. ඇස්තමේන්තුගත මුදලින් සියයට 16ක් අම්බුළුවාව ජෛව විවිධත්ව භාරකාර භාරය විසින් දැරිමටත් තින්දුකොට තිබුණි. එහෙත් ප්‍රසම්පාදන කැදවිමකින් තොරව භාරකාරමණ්ඩල රැස්විම පවත්වා දින 06කට පමණ පසු එනම් 2023 වර්ෂයේ ජුනි මස 16 වැනිදින ලියාපදිංචිකළ සමාගමක් සමග ව්‍යාපෘතිය ඉටුකිරිමට ගිවිසුම්ගතවි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මෙකි ව්‍යාපෘතිය සදහා 2024 වර්ෂය තුලදි වවුචර්පත් 19 මගින් රුපියල් නමකෝටි තිස්එක්ලක්ෂ,පනස්එක්දහස් දෙසියදාහතක මුදලක් (93,151,217) වැයකර තිබුණි. එය කුමන කාර්යයකටද යන්න සනාථකරගැනිමට ගෙවිම් වවුචරය සමග උපලේඛන විගණනයට ඉදිරිපත්කොට නොතිබුණි. කේබල් කාර් ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය කිරිම සදහා විසිපන්කෝටි තුන්ලක්ෂ හැටදහසක (250,360,000) ඇස්තමේන්තුවක් පිළියෙළකොට තිබුණි. මින් සියයට 37ක මුදලක් මේවනවිට භාරකාර භාරය විසින් දරා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
අම්බුළුවාව ජෛව විවිධත්ව සංකිරණයේ කේබල් කාර් ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වටිනාකම එකසියවිසිකෝටි,දශලක්ෂ,අසුපන්දහස් හාරසිය විසිනමයක්. (1,201,085,429) බව අම්බුළුවාව ජෛව විවිධත්ව සංකිරණයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන්කොට ඇත.ගිවිසුමට අනුව ආයෝජනය කර ඇති කොටස සියයට 14ක් බවත් 2024 වර්ෂයට අදාළ මුදල පමණක් දැනට ආයෝජනය කොට ඇති බවද කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන්කොට ඇත.
අම්බුළුවාව ජෛව විවිධත්ව සංකිරණයේ භාර අරමුදල සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව මෙම විගණන වාර්තාව නිකුත්කොට ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

