අම්බලන්ගොඩ වෙරළ තීරයෙන් ඊයේ (20)පස්වරුවේ දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් දියේ ගසාගෙන ගොස් එක් අයෙකු මරුමුවට පත්වී තවත් සිසුවෙකු අතුරුදහන්වී ඇති අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ සහ අතුරුදහන්වී ඇත්තේ අම්බලන්ගොඩ ග්රාමීය විදුහලේ දහවෙනි වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු බවද පොලීසිය කියයි.
මිය ගිය සිසුවාගේ දේහය බලපිටිය මුලික රෝහලට රැගෙන ආ බවත් අතුරුදහන් සිසුවා සෙවීමේ මෙහෙයුම් ආරම්භ කල බවත් පොලිසිය කියයි.
කරන්දෙණිය සුසිල් ප්රියන්ත