අම්බලන්ගොඩ ඌරවත්ත ගංගාරාම මාවතේදී අද(26දා) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.
මේ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ ඉඩම්තොට පදිංචි මුරුක්කුවාදුර වසන්ත ද සොයිසා නමැත්තෙක් බවද පොලීසිය කියයි.
යතුරු පැදියෙන් යමින් සිටි මේ තැනැත්තාට යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
වෙඩි වැදුණු තැනැත්තා මීට වසර දෙකකට උඩදී අම්බලන්ගොඩ ඌරවත්ත පැරට්හංදිය පදේශයේදී පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධියකට රක්ෂිත බන්ධනාගාරගත කොට ඇප මත නිදහස්ව පැමිණ සිටි අයෙක් බවද පොලීසිය කියයි.
මෙය එකට එක කිරීමේ පතිපලයක් විය හැකි බවට පොලීසිය සැකකරයි. අම්බලන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත