අමරණීය මරණාධාර සමිතියේ රු. ලක්ෂ 450ක් රමණීය ලෙස හොරකම් කරලා
අනුරාධපුර දිස්ත්රික්කයේ එප්පාවල, කටියාව යාය 01 ගම්මානයේ පවත්වා ගෙන යනු ලබන අමරණීය මරණාධාර සමිතියේ රුපියල් ලක්ෂ 450 ක මුදලක් වංචා එම සමිතියේ ඉහළ නිළධාරීන් කීප දෙනෙකු වංචා කළ බවට චෝදනා කරමින් ඔවුන්ට විරුද්ධව සමිතියේ සාමාජිකයින් පොල් ගසා උද්ඝෝෂණයක නිරත විය.
එප්පාවල, කටියාව යාය 01 අමරණීය මරණාධාර සමිතියේ සාමාජික මහතෙකු ඊයේ (30) අභාවප්රාප්ත වී ඇති අතර, එම මරණයට ගෙවිය යුතු මරණ පාරිතෝෂික මුදල් ගෙවීමට සමිතියේ මුදල් නොමැති වීම හේතුවෙන් හදිසි මහ සභා රැස්වීමක් අද (01) කැඳවා තිබිණි.
එහිදී සමිතිය සතුව තිබූ රුපියල් ලක්ෂ 450 කට වැඩි මුදලක් නිළධාරීන් විසින් වංචා කර ඇති බවට සමිතියේ සාමාජිකයින් චෝදනා කළ අතර, අදාළ වංචාවන් සිදු කළ නිළධාරීන්ගේ නිවෙස් වෙත ගොස් සමිතියේ මුදල් ඉල්ලා උද්ඝෝෂණය කිරීමට සමිතියේ සාමාජිකයින් යෝජනා කරනු ලැබීය.
ඒ අනුව සමිතියේ 500 කට ආසන්න සාමාජික පිරිස පා ගමනින් සමිතියේ සභාපති ධූරය හෙබවූකාන්තාවගේ නිවස ඉදිරිපිටට ගොස් හූ කියමින් සඨන් පාඨ කියමින්, රතිඤ්ඤා දල්වමින් තම සමිතියෙන් වංචා කළ මුදල් ලබා දෙන ලෙසට ඉල්ලීම් කරනු ලැබීය.
කෙසේ වෙතත් අදාළ නිවසේ නිවැසියන් කිසිවෙකුත් විරෝධතාකරුවන් හමුවට නොපැමිණි අතර, විරෝධතාකරුවන් පැයකට ආසන්න කාළයක් විරෝධතාවයෙහි නිරත වී , අනතුරුව එම සමිතියේ ණය කමිටුවේ සභාපති ධූරය දරණ පුද්ගලයාගේ නිවස අසලට පා ගමිනින් පැමිණ විරෝධතාවයෙහි නිරත වූහ.එම නිවසේද දොරගුළු ලා තිබූ අතර, කිසිවෙකුත් විරෝධතාකරුවන් හමුවට නොපැමිණියහ. අනතුරුව විරෝධතාකරුවන් එම නිවස ඉදිරිපිටද රතිඤ්ඤා දල්වා පොල් ගැසූහ.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

