අමතර කොටස් නොමැතිවීමෙන් බස්රථ ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (25දා) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.
ටයර්, බැටරි, ඇතුලු අමතර කොටස් නොමැතිවීමෙන් බස් රථ වැඩි ප්‍රමාණයක් මේ වනවිට ධාවනයෙන් ඉවත්ව ඇතැයි විජේරත්න මහතා පැවසීය.
උද්ගතව ඇති මෙම තත්වයට වහාම විසඳුමක් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් ලබන සතියේ සිට සියලු පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම පැවසීය.