අභිරහස් අයුරින් මිය ගිය එක්දරු මවකගේ සිරුරක් සෝයාගනී
ඌරගස්මංහන්දිය කළුවලගොඩ,පදේශයේ නිවසේ කාමරය තුල ඇද මත තිබියදී ඉතා අභිරහස් අයුරින් මිය ගිය එක්දරු මවකගේ සිරුරක් ඊයේ (07) රාත්‍රිෙය්දී සොයා ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.
මෙසේ සොයා ගනු ලැබූවේ ඌරගස්මංහන්දිය කළුවලගොඩ ගාම සේවා වසමේ අංක 288/A, ලිපිනයේ පදිංචි මුදලිගේ දෝන දිල්කා නිරෝෂණී ජයවීර නමැති පනස් හැවිරිදි මවකගේ බවද පොලීසිය කියයි.
සොයා ගැනුනු මේ කානතා මළ සිරුරේ ඇති ලක්ෂණ අනුව මෙම කාන්තාව දැනට දින තුනකට පමණ ඉහතදී මියගොස් ඇති බවට නිරීක්ෂණය වන බවද පොලීසිය කියයි.
පසුගිය 03 වන දින මියගොස් සිටින තැනැත්තියගේ පුතා සහ ස්වාමි පුරුෂයා යන දෙදෙනා අතර ආරවුලක් ඇතිවී මොවුන් දෙදෙනා නිවසින් පිටව ගොස් ඇති බවට දැනගැනීමට තිබෙන බවද පොලීසිය කියයි.
මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානය සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
