මිසයිල ප්‍රහාර හේතුවෙන් අබුඩාබිය සිය ගෑස් පිරිපහදු මධ්‍යස්ථානවල සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත..
හබ්ෂාන් ගෑස් පහසුකම් සහ බාබ් තෙල් නිධිය ඉලක්ක කරමිල් එල්ල කර තිබූ මිසයිල ප්‍රහාර වැළැක්වීමට අබුඩාබිය සමත් තිබුණත් එහි සුන් බුන් කඩාවැටීමෙන් සිදුවිය හැකි හානි වළක්වා ගැනීම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
සිදුවීමෙන්සි තුවාල වාර්තා වී නොමැති නමුත් ගෑස් පහසුකම්වල මෙහෙයුම් අත්හිටුවා ඇති බව අබුඩාබි මාධ්‍ය කාර්යාලය පවසයි.
මැද පෙරදිග පුරා තෙල් පහසුකම් කිහිපයක් ඉලක්ක කරන බවට ඉරානය අනතුරු අඟවා තිබුණි.