අබලි යකඩ එකතු කරන මුවාවෙන් විවිධ වර්ගයේ බෝම්බ එකතු කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කිලිනොච්චිය කච්චායි, පූලෝප්පලෙයි ප්‍රදේශයේදී පොලිස් විශේෂකාර්ය බලකාය විසින් ඊයේ (21දා) අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද සෝදිසියකදී නිවසක් තුල සඟවා තිබූ අදාල බෝම්බ තොගය සොයාගනු ලැබීය.
එහිදී සඟවා තිබූ මෝටාර් උණ්ඩ, ආර්.පී.ජී. උණ්ඩ, කාලතුවක්කු උණ්ඩ ඇතුලු බෝම්බ 6 ක් පමණ තිබී සොයාගෙන ඇති අතර අදාල බෝම්බ සඟවා තිබූ නිවසෙහි හිමිකරුවන් අබලි යකඩ එකතු කිරීමේ මුවාවෙන් මෙම බෝම්බ එකතු කර ඇත.
යුද සමයේදී කොටි ත්‍රස්තයින් විසින් වලදමන ලද සහ සඟවන ලද බෝම්බ මෙලෙස සොයා එම බෝම්බ ගලවා පුපුරණද්‍රව්‍ය සාදා විකිණීමේ කටයුතු වල නිරතව ඇති බවටත් නීතිවිරෝධීව මසුන් අල්ලන ධීවරයින් වෙතට එම පුපුරණදුව්‍ය විකිණීමට සැකකරුවන් විසින් පියවර ගෙන ඇතැයිද පොලිස් විශේෂ කාර්ය බලකාය සැක පලකර සිටියි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන් දෙදෙනා සහ බෝම්බ තොගය වැඩිදුර පරික්ෂණ සඳහා මරුදන්කේනි පොලීසිය වෙතට භාරදීමට පියවර ගත්තේයැයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසීය.
