අබලන් බස් රථ හා ධීවර යාත්‍රා මුහුදු පතුලේ තැන්පත් කිරීමට යයි
මත්ස්‍ය ගහනය වැඩිකිරිම සඳහා අබලන් වූ බහුදින ධීවර යාත්‍රා හා අබලන් බස්රථ මුහුදු පතුලේ තැන්පත් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ගාල්ල වරාය ආශ්‍රිතව ලබන මාසයේ දි ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරිම ධීවර වරාය සංවර්ධන බහුදින ධිවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය ඇමති කංචන විජේසේකර මහතා පවසයි.
ගාල්ල දිස්ත්‍රික් දේශිය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරිමේ සංවර්ධන කමිටුවේ දි රාජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේය. ගාල්ල හොල්ඩි ගොල් ශාලාවේ දී පැවති මෙම කමිටුවේ දී හෙතෙම මෙසේද කිවේය.
“මුහුදු පතුලේ තැන්පත් කිරිම සඳහා අබලන් බස් රථ ශ්‍රී ලංගමයෙන් මිලදිගෙන තියෙනවා. මෙවා මුහුදේ තැන්පත් කිරිම තුළින් ඒ ආශ්‍රිතව මත්ස්‍ය පැටව් බෝවෙනවා. සංචාරක ආකර්ශනය ඇති කිරිමටත් එය විශාල පිටුවහලක් වෙනවා. ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව අබලන් බහුදින යාත්‍රා සහ බස්රථ මුහුදු පතුලේ තැන්පත් කිරීම අපි ආරම්භ කළා. දකුණු මුහුදු තිරය කෙන්ද්‍රකරගෙන ගාල්ල වරාය ආශ්‍රිතව ලබන මාසයේ දි මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනවා”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

