අපේ රජයේ පවුල්වාදයට ඉඩ නෑ
තමා පිහිටුවන රජයේ පවුල්වාදයට ඉඩ නොමැති බවත් රටට අහිතකර කිසිම ගිවිසුමකට අත්සන් නොකරන බවත් එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
"අපේ රජය තුළ කිසිඳු පවුල්වාදයකට ඉඩ නෑ. රටක් සංවර්ධනය කිරීමට පවුල්වාදය අනවශ්‍යයි. අවිධිමත් පෙරපාසල් අධ්‍යාපනය නිදහස් නිවහල් අධ්‍යාපනයක් බවට පත්කරනවා.
රණවිරුවන්ට නිදහසේ කටයුතු කරන්න අවස්ථාව උදාකර දෙනවා. තෘප්තිමත් රාජ්‍ය සේවයක් ඇතිකරනවා. මට සත පහක ධනයක් නෑ. මට සම්පත් නෑ. මට තිබෙන එකම සම්පත පොදුජන සම්පතයි.
අසාර්ථක රාජ්‍ය ව්‍යවසායන් නව හවුල්කාරිත්වයන් යටතේ දියුණු කරනවා. ධනාත්මක හැම ගිවිසුමක්ම ක්‍රියාත්මක කරනවා. රටට අහිතකර කිසිම ගිවිසුමකට අත්සන් කරන්නේ නෑ. දිවි ඇති තෙක් ජනතාව වෙනුවෙන් කටයුුතු කරනවා. රට පාලනය කරන්නේ දස රාජ ධර්මයන්ට අනුවයි."

popular news
-
රජින්ද Thursday, 03 October 2019 08:04 PM
අප්පට සිරි ඒ කියන්නේ ඔහේ රණසිංහ ප්‍රේමදාසගේ පුතා නෙවෙයිද? අපිව අන්දන්නද ඕන... හරි අපි ඇඳගත්තා.
Reply : 0 0
annda Friday, 04 October 2019 09:11 AM
යු ඇන් පි යේ ඇත්තේ ඒකාධිපති වාදයයි. අගමැති විසින් පාලනය කරන ජනාදිපති. රනිල්ගේ ලනුව ගිල්ලා නේද. මේ සැරෙත් අන්ත පරාජය තමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

