අපි පරාජය වුණා - ජනපති
පසුගිය වසර හතරක කාලය තුළ වංචාව, දූෂණය, නාස්තිය නැති කිරිමට මීට වසර 4කට පෙර පත්වූ රජයට නොහැකි වූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ලග්ගල නව නගරය විවෘත කිරිමේ අවස්ථාව එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“මාව පත්කරගෙන වසර 4ක් සම්පූර්ණ වෙනවා. තවත් වසරක් ලබනවා. මේ අවුරුදු හතරේදී ජනතාවගේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කළා. නිදහස ශක්තිමත් වුණා. නිදහස් මාධ්‍යක්, ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කළා. ගෙවිගිය සිවුවසරක කාලය නව රජයක් බලයට පත්විමෙන් මිට වසර 4කට පෙර රටේ ජනතාව බලාපොරොත්තු වූ අරමුණු ඉටු කර ගැනීමට අප කටයුතු කළා. එහි ප්‍රථිඵල තිබෙනවා. සාර්ථකභාවයන් වගේ අසාර්ථක භාවයන් තිබෙනවා.
ලැබූ ජයග්‍රහණ ගැන කතාකරනවා වගේම. ලබාඇති පරාජයන් පරාජ කර ඒවායෙන් ජයග්‍රහණය කරන්න ඉදිරි කාලය තුළ මම තමුන්නාන්සේලා වෙනුවෙන් කැපවෙනවා.
ලැබූ ජය ගැන කතා කරන්නේ නෑ. ලැබූ පරාජයන් මොනවද යහපාලනය මූලික සංකල්පය වන වංචාව,දූෂණය හොරකම නාස්තිය පරාජය කිරිමට අපි පරාජය වෙලා තියෙනවා. මම එයයි කිව්වේ පරාජය වූ දේ ජය ගන්න අපි සියල්ලම අධිෂ්ඨානශීලි ලෙස එක්වෙමු.
මේ රටේ අපට තිබෙන බරපතල අභියෝගය දූෂණය, හොරකම, නාස්තියයි. දේශපාලඡඥයින්ගේ සිට පහළට ගලාගිය මේ මහා ජාතික ව්‍යවසනය තරන් කරන්න අපි අත්වැලි බැඳ ගත යුතුයි.”

popular news
-
ත්‍රස්තයා Tuesday, 08 January 2019 03:00 PM
ඇත්තටම මෙය ඉතා මැනවින් ජනතාවට පැහැදිලි වෙනවා . එය සත්තයක් , හැමෝටම පේනවා ඇති මේ මහා ජාතික ව්‍යවසනය තුරන් කරන්න එකතු කරගත්තේ තෝරලා බේරලා නියම කට්ටිය . අති විශිස්ටය් , නියමයි , පංකාදුයි . ජයවේවා !
Reply : 0 70
rocky Tuesday, 08 January 2019 03:02 PM
"ඕවා දෙනු පර හට - තමා සම්මතෙහි පිහිටා සිට " ලෝකෝපකාරයේ කවියක් මතක් වෙනවා!
Reply : 0 18
Lion Wednesday, 09 January 2019 12:11 PM
මේවට මට හිනා හිනා
Reply : 0 0
Kumar Thursday, 10 January 2019 07:51 AM
ඔබ තුමා පරාජය හිතුවට රටේ නීතිය තමා ජයගත්තෙ. ඔබතුමාට ලනුදුන්න නීතිපති එලවලදමන්නේ නැද්ද?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

