අපේ රටේ කළු මාධ්‍යය කියලා දෙයක් නැහැ -සීලරතන හිමි
රටේ කළු මාධ්‍යයක් නොමැති බව බත්තරමුල්ලේ සීලරතන හිමියන් පැවසිය.
මාතර, වැලිගම දි ඊයේ පැවති ජන හමුවකදි උන්වහන්සේ එසේ පැවසිය.
එහිදි අදහස් පලකල සීලරතන හිමියන්,
‘‘ දැන් මේ වනවිට මේ ආණ්ඩුව මාධ්‍යයට ප්‍රහාර එල්ලකරන්න පටන් අරගෙන තියෙනවා. අපි දැක්කා පසුගියදා අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදි කළු මාධ්‍යය කියලා මාධ්‍යයට චෝදනා කරා, කොහේද කළු මාධ්‍යය තියෙන්නෙ, අපේ රටේ කළු මාධ්‍යය කියලා දෙයක් නැහැ. මාධ්‍ය වලින් වැරදි පෙන්වා දුන්නම ඒවා කළු මාධ්‍යය වෙන්න පුළුවන්ද? කවදාවත් මාධ්‍යයට සහ මාධ්‍යෙව්දීන්ට අතදිගු කරන්න කලින් දෙපාරක් සිතිය යුතුයි.
ඔබතුමන්ලා මුදල් බලයෙන් සමහර මාධ්‍යය සල්ලි වලට අරගෙන තියෙනවා එහෙම සල්ලි වලට ගන්න බැරිවුණ ජනතාව වෙනුවෙන් කටයුතු කරන මාධ්‍ය වලට කළු මාධ්‍යය කියලා අර්ථකථන දෙන එක සාධාරණ නැහැ. රටේ ජනතාවට තොරතුරු දැනගැනිමේ පනත ගෙනාපු වේලාවේ අපි මාධ්‍යවේදීන් වෙනුවෙන් කැගැහුවා. ඒක අයින් කරගත්තා. නැත්නම් 19 ව්‍යවස්ථාවෙන් තමයි කළු මාධ්‍යය ගෙන්නේ ’’ යැයි උන්වහන්සේ පැවසිය.
මාතර - මහේෂ් මලවරආරච්චි

popular news
-
ගමගේ Friday, 28 December 2018 12:13 AM
අපේ හාමදුරුවනේ, මාරාජපස්ස කාලේ මාධ්‍ය වලට ගැහැව්වා, ගිනිතිබ්බ, අමුදවාලේ පාරේ මරල දැම්ම. ඔබ වහන්සේලාට ඒවා අමතක වීම ගැන ඉතා කණගාටුයි. දැන් ඔය සමහර මාධ්‍ය ආයතන සහ වාර්තාකරුවන් මාරාජපස්ස කට්ටිය කුලියට අරගෙන තිබෙන බව ඉතා පැහැදිලියි. අපක්ෂපාති නැති මාධ්‍ය කාරයෝ සල්ලි වලට වහල් වෙච්ච කළු කඩ කාරයෝ වගේ කුලියට කහින අය තමයි. එයාලට දැන් පැත්තක් හෝ ඇත්තක් ඕන නැහැ සල්ලි ලැබෙන පැත්තට හෝයියා.
Reply : 0 2
Batangala Friday, 28 December 2018 07:09 AM
මාද්‍ය වලින් කරන්නෙත් ඔබ වහන්සේලා වගේම එක එක්කෙනාට කඩේ යන එක තමයි. බන ටිකක් කියල බෞද්ධයන්ට වැඩක් කරන්න බලන්න. එක ඔය ඇඳන් ඉන්න චීවරයට ලොකු ගෞරවයක්.
Reply : 0 8
ase Friday, 28 December 2018 09:53 AM
"ඔබතුමන්ලා මුදල් බලයෙන් සමහර මාධ්‍යය සල්ලි වලට අරගෙන තියෙනවා" හාමුදුරුවනේ ඕව තමඊ බොරු පතුරන "කළු මාධ්‍යය"
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
