22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවතත් ගෙන ඒමට කටයුතු නොකරනු ඇති බවත් ශ්‍රී ලංකාවට ඇත්තේ ව්‍යවස්ථා ප්‍රශ්නයක් නොවන බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේක මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී අද අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ දූෂිත දේශපාලඥයින්ගේ ප්‍රශ්ණයක් ලංකාවට ඇති බවයි. ව්‍යවස්ථාවක් නොමැති ඒංගලන්තය වැනි රටවල් ඉදිරියට ගමන් කරන්නේ එවැනි රටවල දේශපාලඥයින් රටට ආදරේ නිසා බවත් ඔහු පැවැසීය.
"දූෂිත දේශපාලඥයින් නිසා දූෂිත දේශපාලන සංස්කෘතිය ආරක්ෂා වෙනවා. දූෂිත දේශපාලන සංස්කෘතිය නිසා දූෂිත දේශපාලනඥයින් ආරක්ෂා වෙනවා" යැයි ඔහු පැවැසීය.
දූෂිත දේශපාල සංස්කෘතිය හේතුවෙන් රටේ දුප්පත්කම වර්ධනය වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.