අපේ භාණ්ඩාගාරයේ පිච්චිය නෑ
“අපේ භාණ්ඩාගාරයේ පිච්චිය නෑ. මේ හම්බුවෙන මුදල් ටිකෙන් හැම මාසයේම රාජ්‍යය සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවලා, සමෘද්ධිය ඇතුළු සහනාධාර ගෙවලා. ගත්ත ණය සඳහා පොලී ගෙව්වට පස්සේ මොකුත් ඉතුරු වෙන්නේ නෑ.” යැයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
“දැන් ගෙවන්න බැරි ණය තියෙනවා කල් පිරිලා ඇමරිකානු ඩොලර් බිලියන 36 ක්. ඒක මේ තියෙන ඒවා විකුණලා ගෙවන්න බෑ. හම්බන්තොට වරාය විකුණුවාම ලැබුනේ 1.4 යි. ලංකාවට හම්බුණ ලොකුම ව්‍යාපෘතිය අර මුහුද ගොඩ කරපු පෝට් සිටි එක, ඇමරිකාණු ඩොලර් බිලියන 1.4 යි.
මේ දෙකම 2.8 යි, අනෙක් මොනවද විකුණන්නේ 36 ක් ගෙවන්න .ඒකට ක්‍රමවේදයක් කථා කරගන්න ඕන.මුදල් අමාත්‍යංශය, මහ බැංකු ලෝකය පුරාම ගිහින් මේ ණයකාරයෝ එක්ක කථා කරනවා මේක ප්‍රථිව්‍යූහගතකරණය කරන්න. ඒ කළාමත් මේ බිලියන 36 ඉතිරි අවුරුදු 5-6 තුළ ගෙවන්න තියෙන්නේ 37% යි.
අවුරුදු 6-20 ත් අතරදී ගෙවන්න ඕන තව 51% ක් ණය වලින්, 20 නුත් පස්සේ ගෙවන්න ඉතුරු වෙනවා 12% ක්, දැන් අපි ඉන්නේ 2023 දී, 2048 වන තුරුත්, මේ හිර වෙලා තියෙන ණය තොගය ගෙවන්න තියෙනවා. අලුතින් ගත්ත ඒවා නෙමෙයි හිර වෙලා තියෙන තොගය.
ඒ නිසා කවුරු හරි රටේ ආණ්ඩු කරන්න හිතන දේශපාලන පක්ෂයක් තියෙනවා නම් රටේ ආණ්ඩු කරන්න මාසයක් හරි බලාපොරොත්තු තියෙන කෙනෙක් ඉන්නවා නම් 2048 වෙනකල්ම රටේ මිනිස්සුන්ට කියන්න ඕන මේ අරන් තියෙන, ගෙවන්න තියන ණය ටික අපි ගෙවන්නේ මෙන්න මෙහෙමයි කියලා.
එහෙම කියන්නේ නැත්නම්, එක්කෝ මෝඩකමට, එක්කෝ නොදැනුවත්කමට,ඒක්කෝ කුහකකමට, එහෙම නැත්නම් ඒක තමන්ගේ මහ පොලවේ යතාර්ථය පිළිබඳ තියෙන අවම අවබෝධය නිසා තමයි එසේ නොකියා ඉන්නේ. මේ ඇත්ත රටේ ජනතාවට කියන්නේ නැතිව ආණ්ඩු ඉල්ලනවා නම්, දේශපාලනය කරනවා නම් ඒක නොකළයුතු කාරණයක්. ”
ආසියානු සංවර්ධන බැංකු ආධාර මත ක්‍රියාත්මක ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ සංවර්ධනය කරන ලද කිලෝ මීටර 48 ක් දුර තලාව-කැකිරාව ප්‍රධාන මාර්ගය ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍යය සහ ජනමාධ්‍ය අමාත්‍යය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.රුපියල් මිලියන 2422 ක මුදලින් මෙම මාර්ගය ප්‍රථිසංස්කරණය කර ඇත.

popular news
-
Don Sunday, 13 August 2023 05:14 PM
GO HOME, without spending poor man's money further!
Reply : 0 0
Dayan Monday, 14 August 2023 01:05 AM
That's your efficiency of financial management.
Reply : 0 0
CC Monday, 14 August 2023 06:14 AM
ණය නිසි කලමනාකරණය නොකිරීමේ වරද දැන් ජනතාව පිට පටවලා තියෙන්නේ මේ රට පාලනය කල පිරිස සැලසුමක් නැතිව රටට අවශ්‍ය කාලීනව ගැලපෙන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවට තමන්ට තම හිතවතුන්ට හිතවත් වයාපාරිකයන්ට රාජ්‍ය නිලදාරීන්ට රිසිසේ හොරකම් කල හැකි ව්‍යාපෘති පමණක් සිදුකිරීමේ ප්‍රතිඵලය රටම බංකොලොත්වී රටම ණය උගුලක හිරවීමයි.විකල්ප බලශක්ති ක්ෂේත්රය,අගය එකතුකොට අපනයන භාණ්ඩ නිෂ්පාදන අංශය,කෘෂි නිෂ්පාදන ඵලදායිතාව ඉහල නැංවීම වැනි අංශවල ආයෝජනය කිරීම,සංචාරක කර්මාන්තය ප්රවරිධනය නීතිය සපිරි හා සුරක්ෂිත ආකර්ශණිය සංචාරක ගමනාත්ත නිර්මානය වැනි ආයෝජන වලට සංවර්ධන ප්‍රම්‍රඛතා දිසාගත වී නොමැත. ඒ වෙනුවට රටට අනවශ්‍ය ආනයන කැඳවමින් මෙහි නිෂ්පාදනය කල හැකි සෑම දෙයක්ම පිටරටින් ගෙනැවිත් ජනතාවට සුරංගනා ලෝකයක් මවා යෙහෙන් වැජබෙන පාලකයින් මේ සියලු දෙයින්ම ප්රතිලාභ ලබා ගත්තද ජනතාවට එදා වේල කන්න බැරි දුප්පත් රටක් අද අපේ දරුවන්ට මේ බල ලෝභී දූෂිත පාලකයින් අත්කර දී ඇත. නමුත් උන් හොදින් පෝසත්වී ඇත. තවත් නම් ඔබලාගේ බයිලා අවශ්‍ය නැත.
Reply : 0 0
namal Monday, 14 August 2023 07:25 AM
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

