මහරගම අපේක්ෂා රෝහලේ නවාතැන්ගෙන සිටින රෝගීන්ගේ ආහාර සකස් කිරීම සඳහා ගබඩා කර තිබු රුපියල් 13000/= පමණ වටිනා වියලි ආහාර තොගයක් සොරාගත් රෝහලේ අරක්කැමියන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.
සොරාගත් භාණ්ඩ අතර හාල්, පොල් තෙල් ඇතුළු තුනපහ වර්ග වන බව පොලිසිය කියයි. සැකකරුවන් ඒවා ප්රවාහනයට යොදාගත් ත්රීරෝද රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත
රෝගීන් සඳහා ලබාදීමට නියමිත මුළුතැන්ගෙයි ගබඩා කර තිබෙන වියලි ආහාර තොග වශයෙන් ඉකුත් කාලය පුරා අස්ථානගත වීම සම්බන්ධයෙන් රෝහලේ පරිපාලන නිලධාරීන් වෙත රහසිගත අයුරින් තොරතුරු වාර්තා වීමත් සමඟම ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර තිබූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය
ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටි පොලිස් නිලධාරීන් තොරතුරුකරුවන් යොදවා සිදුකළ විමර්ශනයේ ප්රතිඵලයක් ලෙස හාල් පොල් , පොල්තෙල් තොගයක් ත්රීරෝද රථයකින් රැගෙන යාම සඳහා ඒ තුළට දමා ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමගම ඊයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පරික්ෂා කිරිමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අතර තිරෝද රථයේ හිමිකරු ද වන බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමාගම හා බණ්ඩාරගම පදිංචිකරුවන්ය.