මහනුවර කතරගම මහා දේවාලය සඳහා බස්නායක නිළමේවරයෙකු පත් කරගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී එහි ඡන්දය හිමි ප්‍රාදේශීය ලේකම්වරුන් එහි අපේක්ෂකයන්ගෙන් අල්ලස් මුදල් ලබාගත් බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ .
එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (විමර්ශන) ධම්මික මුතුගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත එහි මූලික විමර්ශනය හෙට (15) පැවැත්වීමට නියමිතය .
මහනුවර කතරගම මහා දේවාලය සඳහා 2023/ 01/13 වැනි දින පැවති බස්නායක නිලමේවරයකු තෝරාපත් කර ගැනීම සඳහා පැවති ඡන්දයේ දී ප්‍රාදේශීය ලේකම්වරුන් එම අල්ලස් මුදල් ලබාගත් බවට නැගුණු චෝදනාවකට අනුව එම විමර්ශනය ආරම්භ වී තිබේ .
ඒ අනුව එහි විමර්ශන නිලධාරීන් මහනුවර, යටිනුවර, තෙල්දෙණිය මැදදුම්බර, උඩුනුවර, නුගවෙල හාරිස්පත්තුව, පන්විල, මිනිපේ, ගඟ ඉහළ කුරුඳුවත්ත, හතරලියද්ද, පූජාපිටිය, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 යේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය .
මහනුවර සිව් මහා දේවාලයන්හි බස්නායක තනතුරේ නිලවරණයක් සම්බන්ධයෙන්අල්ලස් විමර්ශනයක් සිදු කරනුයේ ප්‍රථම වතාවට වන අතරමෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
ෂේන් සෙනෙවිරත්න