අපූරු පිංකමක් කළ ශාලාධිපතිට පිරිකරක් දෙන්න හදන විභාග කොමසාරිස්
විභාග සඳහා ලබා දෙන කඩදාසි හිඟ බවත් ඉතිරි කඩදාසි ළඟ තබා ගෙන සිටීනම් ඒ්වා නැවත විභාග දෙපාර්තමේන්තුට එවන ලෙසත් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා බණ්ඩාරවෙළ මහා විද්‍යාලයේ පැවති රුස්වීමකදි පැවසීය.
එසේම එක් ශාලාධිපතිවරයෙක් ඉතිරි වූ විභාග කඩදාසි බන්ඩල් කළ ස්වාමින් වහන්සේ නමකට ලබාදී ඇති බවත් උන්වහන්සේ එම කඩදාසි තොගය තමන් වෙත ලැබීමට සැලැස්සවූ බවද ඔහු පැවැසීය.
"විභාග සදහා කඩදාසි හිඟයි ගුරුවරන් ළග කඩදාසි තියෙනවානම් අපිට එවන්න, ඒවා ගෙවල් වලට ඇරන් යන්න එපා. පොලෙන්නරුවේ ශාලාධිපතිවරයෙක් ලස්සන පිංකමක් කරලා තිබුණා. විභාගය ඉවරවුණ දවසේ විභාගයට දෙන කඩදාසි ගුරුවරුන්ටත් බෙදලා ඉතිරි බණ්ඩල් කිහිපයක් පාර්සල් කරලා ගමේ පන්සලේ හාමුදුරුවන්ට පිරකරයක් වශයෙන් පුජා කරලා. ඒ හාමුදුරුවෝ මට ගෙනත් දුන්නා මට හාමුදුරුවෝ කවුද කෙනා කියලා කිවුවේ නෑ. මම එයාව හොයාගත්තානම් මමත් එයාට පිරිකරයක් දෙනවා"
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

