වෛද්‍යවරියක අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විවෘත අධිකරණයේදී යළිත් ප්‍රකාශයක් කිරීමට අවසර ලබා දෙන්නැයි අනරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා විසින් තරයේ ප්‍රතික්ෂේප කරන ලදි.
සැකකරුගේ ඉල්ලීම මෙලෙස ප්‍රතික්ෂේප කළේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය.
යළිත් ප්‍රකාශයක් කිරීමට අවසර ලබා දෙන්නැයි සැකකරු අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුර පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ උප පොලිස් පරික්ෂක ඒ. සී. දයානන්ද මහතා පැවසුවේ වින්දිත වෛද්‍යවරියට අපහාස කර ඇය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් අධිකරණය යොදා ගෙන විවිධ අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමට සැකකරු සැලසුම් සහගතව උත්සාහ දරමින් සිටින බවය.
මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදු කොට ඒ පිළිබඳව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලබා ගෙන වින්දිත වෛද්‍යවරිය අපහසුතාවට පත් කිරීමට සැකකරු චේතනාන්විතවම උත්සහ දරමින් සිටින බවද උප පෙලිස් පරික්ෂකවරයා චෝදනා කළේය. මීට පෙරද සැකකරු විවෘත අධිකරණයේදී තමන් වෛද්‍යවරිය අපයෝජනය කළේ බලහත්කාරයෙන් නොවන බවට මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ බවද උප පොලිස් පරික්ෂක දයානන්ද මහතා කීවේය. අධිකරණයේ කාලය නිකරුණේ මිඩංගු කරමින් සැකකරුගේ මෙවැනි ද්වේශ සහගත අසත්‍ය ප්‍රකාශ සඳහා ඉඩා ලබා නොදෙන්නැයිද උපපොලිස් පරික්ෂකවරයා ඉල්ලා සිටියේය.
සැකකාර හිටපු යුද හමුදා සෙබළා විසින් පැහැර ගෙන ගොස් සඟවා තිබියදී පොලීසිය විසින් සොයා ගැනුණු වෛද්‍යවරියට අයත් ස්මාර්ට් ජංගම දුරකථනය රජයේ රස පරික්ෂකවරයා වෙත යවා ඊට අදාළ රස පරික්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය. මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් කර සිටින හිටපු යුද හමුදා සෙබළා මස ජූලි 29 දින දක්වා යළි රිමාන්ඩ් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකාර හිටපු යුද හමුදා සෙබළා ඩී එන් ඒ පරික්ෂණයක් සඳහා ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අනුරාධපුර මූලස්ථාන පොලීසියට මීට පෙර නියෝග කෙරිණ.
මෙම අපරාධය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳව වැඩිදුර වාර්තාවක් මගින් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ වෛද්‍යවරියක අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙමින් පවතින බවය.
මෙසේ යළි රිමාන්ඩ් භාරයට පත් කළේ ගල්නෑව නව නගරය ඩී.3, ඇළ පාර ලිපිනයේ පදිංචි කේ. බී. මධුරංග රත්නායක නැමති හිටපු යුද හමුදා සෙබළෙකු මෙන්ම චීවරධාරයෙකි. මෙම සැකකරු මීට පෙර හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කළ අතර එහිදි පැමිණිලිකාර වින්දිත වෛද්‍යවරිය ඔහු පහසුවෙන් හඳුනා ගත්තාය.
අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද