මහනුවර–යාපනය ඒ 9 ප්රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථයක්, අද (7දා) උදෑසන අනුරාධපුර ගල්කුලම ගල්වඩුවාගම ප්රදේශයේදී අනතුරකට ලක්ව, එම වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් හයදෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව තිරප්පනේ පොලිසිය පවසයි.
අදාළ පිරිස මතුගම සිට අනුරාධපුරයේ වන්දනාවක් සඳහා පැමිණෙමින් සිටි අතරතුර මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ පුද්ගලයන් අටදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, රියදුරු ඇතුළු හයදෙනෙකු මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
වෑන් රථයේ පිටුපස රෝදයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් එම වාහනය මාර්ගයේ විරුද්ධ දිශාවට ඇදී ගොස් පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය සඳහන් කළේය.
මෙම අනතුර සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ගේ පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බව සඳහන් වේ.

