අනුරාධපුර නගරයේ රාජ්‍ය ආයතන දෙකක සහ බැංකුවක දොරගුළුවල යතුරු ආරක්ෂාව සඳහා අනුරාධපුර පොලිසියේ තබා තිබියදී අතුරුදහන් වීම හේතුවෙන් එම ආයතනවල සේවකයින් සහ සේවාවන් ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් අද (29දා) පැය දෙකකට ආසන්න කාලයක් දුෂ්කරතාවට පත් වූහ.
මෙම ආයතන වල යතුරු දැඩි ආරක්ෂාවක් යටතේ අනුරාධපුර මූලස්ථාන පොලිසිය භාරයේ පවතින අතර අද (29දා) උදෑසන එම ස්ථානයේ අතුරුදහන් වීම හේතුවෙන්, අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය, උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හා රාජ්‍ය බැංකුවක් විවෘත කර ගැනීමට නොහැකිව පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රමාද වූ බව එහි සේවකයන් පැවසූහ.
පසුව එම ආයතන ප්‍රධානීන් විසින් පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් එම ආයතන වල ඉබි යතුරු ඉවත් කිරීමට කටයුතු කළහ.
පොලීසියේ වගකීම විරහිත ක්‍රියා කලාපය හේතුවෙන් බැංකුව සතුව පවතින මුදල් මෙන්ම අනෙක් රාජ්‍ය ආයතන වල නිලධාරීන්ගේ පෞද්ගලික හා රහස්‍ය ලිපි ගොනු පිළිබඳව ගැටළුවක් පවතින අතර මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස අනුරාධපුර පොලිසියෙන් ඉල්ලීමක් කරන බව ලංකා ගුරු සංගමය සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනක ප්‍රසන්න මහතාගෙන් සිදු කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය, "රාජ්‍ය ආයතන තුනක යතුරු අද උදෑසන අස්ථානගත වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මහතා දැනුවත් කර විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි. එම යතුරු භාරව ක්‍රියා කරන නිලධාරීන්ට එරෙහිව අදාළ විනය ක්‍රියාමාර්ග ගන්නවා" යැයි පැවසීය.
අනුරාධපුර විශේෂ - බී.ජී.චතුරංග