අපි ඔක්කොම එකට කමු - රෝහිත
පාස්කු ඉරිදා ප්රහාරයට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවට සම්බන්ධ බවත් එයින් එක් සේවකයෙකු පාර්ලිමේන්තුවේ මාර්ග සකස්කළ සේවයේ යෙදී සිටි හෙයින් එසේ සකස් කළ මාර්ග නැවත පරීක්ෂා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.
“පාර්ලිමේන්තුවේ මාර්ග සකස්කළ සේවකයෙක් අත්අඩංගුවට ගත් බව සඳහන් කළා. ප්රශ්ණය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ පාරවල් හා අනෙකුත් ඒවා සංවර්ධනය කළා. දැන් මේ ගැන වුණත් සොයලා බලන්න වෙයි.
මොකද මාස ගාණක් පාරවල් හැදුවා දවස් ගාණක් හෑරුවා. ඒ කාලේ අපිට සැකයක් නෑ. හැබැයි දැන් අපිට සැකයට භාජනය වෙනවා යම් විදියක ඔය හාරපු තැන්වල බෝම්බ ටිකක් වළල තිබුණොත්, වෙලාවක පත්තුකරලා දැම්මොත් එහෙම මුළු පාර්ලිමේන්තුවම දියවන්නාවට යටවෙයි.”
කථානායක - ඒක ආර්.ඩී.ඒ. එකට බාර දුන්නේ.
රෝහිත අබේගුණවර්ධන - ගරු කථානායකතුමනි ආර්.ඩී.ඒ. එකට බාරදුන් එකේ දැන් එක කොණක් අහුවෙලා තිබෙනවා. ඒ කොණත් එක්ක අපි යමු ඉස්සරහට. මේක අපි සුළුවෙන් අරගෙන යන්න බෑ. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ ගැන විශේෂ අවධානයක් යොමුකරන්න.
කථානායක - පාර්ලිමේන්තුව අරින්න ඉස්සෙල්ලා බොම්බ නිශ්ක්රිය අංශය මේ වටේම පරීක්ෂා කළා. ඊට පස්සේ තමා පාර්ලිමේන්තු ඇරියේ.මම හොඳටම දන්නවා. පෞද්ගලිකව දවස් දෙකක් තුනක් ඉදලා. මම ඒ අවවාදය පිළිගන්නම්.
රෝහිත අබේගුණවර්ධන - ඔබතුමා කෙරෙහි විශ්වාසය තිබෙනවා. මොකක්හරි වුණොත් අපි ඔක්කොම එකටම කමු.

popular news
-
nimal Wednesday, 22 May 2019 11:24 AM
මෙහෙම ගියොත් අපි ඔක්කොමටම කන්න වෙනවා තමා. අපිට දුක දේසපාලකයන් රටේ ධනය හොරකම් කලාවිතරක් නෙවෙඉ, රටත් විනාශ කරනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

