අපි ළඟ මුදල් තියෙනවානම් අනේ දෙවියනේ ඒවා ගන්න
මාධ්‍ය නියාමනයක් කරන්න බැරි බවත් තිබිය යුත්තේ මාධ්‍යයේ සදාචාරයත් බවත් පාර්ලිමේන්තු මන්තී නාමල් රාජපක්ෂ මහතා කීවේය.
එසේම තම ආණුව සත්භාවයෙන් ගත් තීන්දු හරහට හිටිය බවත් පොහොර ආනයනය නතර කිරීමේ තීන්දුව එයින් එකක් බවත් අද (11දා) පෙරවරුවේදී කරන්දෙණිය පොදු ජන පෙරමුණ ආසන බල මණ්ඩලය පිහිටුවීම නිමිත්තෙන් පැවති රැස්වීමේදී මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.
“ එදා අධිවේගී මාර්ග හදන කොට මහින්ද රාජපක්ෂට ඇඹුල් තියල් ගෙනියන්න තමයි අධිවේගී මාර්ගය හැදුවේ කිව්වා. නාමල් රාජපක්ෂට හෝ මහින්ද රාජපක්ෂට ලෝකයේ ඕනෑම බංකුවක මුදල් තියෙනවා නම් ගන්න දෙනවා.
එතකොට නැන්ද මාමලාට ගෝල්ෆේස් එකේ බෝඩ් අල්ලන් ඉන්න ඕන නැහැ. ඔය කියනතරම් මුදල් අපි ලග තියෙනවනම් අනේ දෙවියනේ කරුණා කරලා ඒ මුදල් ගන්න. එතකොට ඔය අයි එම් එෆ් එකට දුවන්න ඕන නෑ සල්ලි ඉල්ලලා.
මම එනවා ඕනෑම රටකට මට පිට රට තියෙන බැංකුවල මුදල් ආණ්ඩුවට දෙන්න කියලා දිවුරුම් ප්‍රකාශ දෙන්න. නාමල් රාජපක්ෂලා මහින්ද රාජපක්ෂ කවදාවත්ම මේ රටේ මුදල් හොරකම් කරලා නැහැ. එය අපේ මව් බිමේ යතාර්ථය දන්නවා. බොරුවට අපිට මඩ ගහනවා හොරු හොරු කියලා.
රනිල් මහත්තයා රට යම් තැනකට ගන්න උත්සාහයක යෙදෙනවා. පාර්ලිමේන්තුවේ පොදු ජන පෙරමුණ ඒ සදහා එයට සහයෝගය දෙනවා. අපි එකග නොවෙන තැන් තියෙනවා. මාධ්‍ය නිදහස තියෙන්න ඕන. මාධ්‍යවේදීන්ගේ නිදහසත් තියෙන්න ඕන.
නමුත් පෞද්ගලිකත්වයත් තියෙන්න ඕන. මධ්‍ය නියාමනයක් කරන්න බැහැ.
තිබිය යුත්තේ මාධ්‍යයේ සදාචාර යයි. තමන්ගේ මෙන්ම අනුන්ගේත් පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමත් මාධ්‍ය යේ වගකීමක් වගේම යුතුකමක් වෙනවා”
popular news
-
rani Monday, 12 June 2023 03:46 AM
තොපි කියන කතා විශ්වාස කරන්න රටේ ජනතාව සේරම වල් වහල් බයියෝ නෙවෙයි බොල . රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . රාජපක්ෂ වරුන්ට කඩේ යන වල් වහල් බය්යියන්ට ශාප වේවා !
Reply : 0 0
චතුරි Tuesday, 13 June 2023 11:22 AM
නුබලා ජනතාව කියන තරම් මුදල් හොරකම් කෙරුවේ නැත්නම්. කොයි තරම් ප්ර්මානයක්ද හොරකම් කෙරුවෙ මොන්ගල් බේබි. උබගේ අත් ඔරලෝසු ගත්තු හටිමතකද. මම් හිතන්නෙ මන්ත්‍රි ප්ට්ටම ගත්තු මුල් දවස්. සෙවල කමටයි තියෙන නුගත් කටයි. ඒවා පේන්න අන්තර් ජාලයට දැම්මා. ඔය තරම් වටින අත් ඔරලෝසු ගන්න මුදල් කොයින්ද. මයිනා උබගෙ පියා තමයි මුදල් ඇමති. කාලකන්නි සල්ලි දැකලා අතගාලා නැහැනෙ. පිස්සු හැදුනා. නාකි මයිනට. මොන්ගල් බේබිලා ට කිසිම රැකියාවක් නැහැ. මුදලුත් නැහැ. උගත් කමකුත් නැහැ. නාකි මයිනා. මුදලැමතිකම නෙමේ කෙරුවෙ. මොන්ගල් බේබිලාගෙ පොත් පුරවපු එක කෙරුවේ. උබට මතකද හෙලිකොප්ට්රයෙන් රටවටෙ ගිපු හැටි. මොන්ගල් පැටව් රටේ සල්ලිනාස්ති කෙරුවේ නාකි මයිනා ගෙ මුදල් වගේ. උබලා තමයි මේ රට කෑවේ. ටිකක් ඉවසල ඉදපන් අනුර කුමාර එනකම්. ඉට කලින් ඔය කුරහන් පටිය තද කර ගනින්. ඒ කත් දන්නවද දන්බෙ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

