වත්මන් ආණ්ඩුව සුළු ජාතීන්ට අවශ්‍ය ලෙස වට නොකකළ බවත් සුළු පක්ෂවල කොන්දේසිවලට යටත් නොවූ බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, අද (20) පෙරවරුවේ නුගේගොඩ නාලන්දාරාම විහාරස්ථානයේ පැවති කඨින පිංකම වෙනුවෙන් සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළීතුරු දෙමිනි.
" අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් විසින් ගෙනයන අසත්‍ය ප්‍රචාරයක් තමයි අපි සුළු පක්ෂවල කොන්දේසි වලට යටත්වෙලා ඡන්දය ගන්න හදනවා කියන එක. අපි 2015 බලයට එන වෙලාවෙත් කිවේවේ ඒ දේම තමයි. නමුත් මේ වනතෙක් රටට අයහපතක් වුණාද. රට බෙදුවද. අපි සුළු ජාතීන්ට ඕන විදියට නැටුවද. නැහැ. මේ කිසිදෙයක් සිදුවුණේ නැහැ.
අපිට අවශ්‍ය වන්නේ ඒකීයභාවයක් පමණයි. සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියලු ජාතීන්ට මේ මගේ රට කියලා ආඩම්බරයෙන් ජීවත්වෙන්න පුළුවන් රටක්, බෞද්ධාගමට මුල්තැන දීලා, සෙසු ආගම් වලට සම තැන දීලා කටයුතු කරන්න පුළුවන් රටක් නිර්මාණය කරන්නයි අපට අවශ්‍ය වන්නේ. මේ අය මොන ප්‍රකාශ කළත් අපි වසර 5 ක් ආණ්ඩුව ගෙනගියා.
රටෙන් එක අගලක්වත් නැතිවුණාද. වෙනත් කිසිම අලාභයක් වුනාද. මම ඉතා වගකීමෙන් කියන්නේ අපි කිසිසේත්ම කොන්දේසි වලට යටත් වෙලා වැඩ කරන්නේ නැහැ. අපිට එහෙම කරන්න අවශ්‍යත් නැහැ " යයි එක්සත් ජාතික පක්ෂ උප නායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා විමසයි.
