හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂ වන්නි දිස්ත්‍රීක් සමලුව ඊයේ (19දා) දින වවුනියාව නගරසභා සංස්කෘතික ශාලවේදී පැවත්වුණි.
හිටපු ජනාධිපති මුලින්ම වව්නියාව ශ්‍රී බෝධිදක්ෂිණාරාමයට ගොස් එහි විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය සියඹලාගස්වැවේ විමලසාර නාහිමියන් හමුවී සාකච්ඡා කොට ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව වවුනියාව කන්දසාමි කෝවිලට ගොස් හින්දු ආගමික වතාවත් සිදුකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වන්නි දිස්ත්‍රික් සමුළුව වෙතට සහභාගී විය.
‘‘ආණ්ඩුවේ සිටින පක්ෂයක් වශයෙන් ආණ්ඩුවේ යහපත් සියලු දේට අප සහය දෙනවා ඒ වගේ ආණ්ඩුවේ අඩුපාඩුත් අපි විවෘතව කතාකරනවා. අපි පුලුවන්තරම් අපේ පක්ෂය ශක්තිමත් කරලා ඉදිරි මැතිවරණයට සූදානම් වනවා අපේ පක්ෂය විනය ගරුක පක්ෂයක් වශයෙන් රටේ කිසිම ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ.
රටේ තියන තත්වය ඉතාම කනගාටුදායකයි. කෘෂිකර්මාන්ත ගැටලුව විශේෂයෙන් උතුරට බලපානවා. මොකද උතුර අපි හැඳින්වුවේ සහල් නැලිය කියලා. ඒ නිසාම මේ ප්‍රදේශ කෘෂිකාර්මික ගැටලුව බොහෝ සෙයින් බලපෑවා.
අපි විශේෂයෙන්ම මහජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ඉදිරියේදී පක්ෂයක් වශයෙන් ශක්තිමත් වී විසඳුම් සෙවීමට කටයුතු කරනවා කියල මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි”
