බංකොලොත් දේශපාලන පක්ෂ විවිධ දෑ සිදු කළත් තම පාක්ෂිකයන් සමග ගමට යන බවත් කිසිම පුද්ගලයෙක් හෝ පක්ෂයක් අභියෝගයක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
අද පෙරවරුවේ ශ්රි ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති වැඩසටහනකින් අනතුරුව ඔහු මේ බව පැවැසීය.
"අපි පැහැදිලිවම ගමට යනවා. සමහර දේශපාලන පක්ෂවල ප්රතිපත්ති නැතිවෙන කොට හූ කියන එක තමයි කරන්නේ. අපි ගමට ඒන්නැති වෙයි කියලා ඒ් අය බලාපොරොත්තු වෙනවා. අපිට චෝදනා ඒනවා. මොනවා වුණත් අපේ පාක්ෂිකයෝ ඒක්ක ගමට යනවා.
ගෙවල් ගිනි තියලා අත්අඩංගුවට ගත්තේ ජවිපේ අයයි සජබේ අයයි. යම් කෙනෙක් හොඳට ජීවත් වෙනවානම් ඒ අය විරුද්ධයි. අපිට දේශපාලන පක්ෂවත් පුද්ගලයොත් අභියෝගයක් නෙමෙයි"