පාර්ලිමේන්තුවෙන් ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වූ ඡන්ද විමසීම සඳහා ඩලස් අලහප්පෙරුම මහතාද ඉදිරිපත් කළ බවත් ගෝල් ෆේස් අරගලය දැන් නිමාවිය යුතු බවත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. පාර්ලිමේන්තු සැසිවාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසිය.
"අපි බලාගෙන ඉන්නවා කොහොමද වෙන්නේ කියලා. මොන ආණ්ඩුව ආවත් රටේ ජනතාවට එපැයි සේවය කරන්න. (ආණ්ඩුව පිහටුවීම සම්බන්ධයෙන්) තවමත් පක්ෂයෙන් තීරණයක් අරගෙන නෑ.
අපේ පක්ෂය ගන්න තීන්දු අනුව තමයි මම වැඩ කරන්නේ. අපි ඩලස්ව ඉදිරිපත් කළා. අපි ඡන්දේ දුන්නා. පැරදුණා ඉතින්. කවුරු හරි දිනන් ඒපැයි. දිනන අය දින්නා. පැරදුන අය පැරදුනා. (ගෝල්ෆේස් අරගලය) දැන් ඉතින් ඒ්ක ඇති කියලයි කියන්නේ."