තිලිනි ප්රියමාලි නම් කාන්තාව ළඟ මුදල් ආයෝජනය කළ අයගේ නම් ලැයිස්තුවේ රාජපක්ෂවරු හැරෙන්නට සියලු දෙනාගේ නම් ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
නාවලපිටියේ පැවැති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ රැළියක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
“පහුගිය කාලයේ අරගලයට මුවා වෙලා රාජපක්ෂලාට කලු සල්ලි තියෙනවා කියපු ගොඩක් අය අද අර කොළඹ ඉන්න අක්කා කෙනෙක්ට සල්ලි දීලා. අපි ගාව තමයි කලු සල්ලි තියෙනවා කිව්වේ. හැබැයි සල්ලි දීපු ලැයිස්තුව අරන් බැලුවාම අපි හැර හැම කෙනාම ඉන්නවා.අපිට හොරා කිව්වා අපි ළඟ කලු සල්ලි තියෙනවා කිව්වා. ”