වනජීවී අමාත්‍යාංශයේ අගල් කැපීමේ වැඩපිළිවෙළ යටතේ අලි මිනිස් ගැටුම් අවම වී ඇති බව වනජීවී රැකවරණ සහ වන සම්පත් රාජ්‍ය අමාත්‍ය විමලවි දිසානායක මහතා පැවසීය.
පසුගියවසර 10 තුළමෙරට සිදු වූ අලි මිනිස් ගැටුම් තුළින් මිනිස් ජීවිත හානි 1,061ක් සහ අලි මරණ 3,338ක් වාර්තා වී ඇති බවත්, වර්තමානයේ ක්‍රියාත්මක අගල් කැපීමේ වැඩපිළිවෙළ යටතේ එම හානි අවම වී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
"පසුගිය වසර 10 තුළ අලි වෙඩි සඳහා පමණක් වැය කර ඇති මුදල රුපියල් මිලියන 967ක්. මේ තත්ත්වය ගැන රජයේ අවධානය යොමු කර අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා තමයි අපි සැලසුම් සකස් කරලා තියෙන්නේ.
මීට පෙර සකස් කර තිබූ කිලෝමීටර් පන්දහසකට ආසන්න විදුලි වැට යාවත්කාලීන කිරීම සහ අලුතින් විදුලිවැට කිලෝමීටර් 1,500ක් ඉදිකිරීම පමණක් නෙවෙයි අලුත්ම වැඩපිළිවෙළක් ලෙස අගල් කැපීම ආරම්භ කරලා තියෙනවා.
මෙම අගල් කැපීම නිසා මේ වන විටත් දිස්ත්‍රි ක්ක ගණනාවක අලි මිනිස් ගැටුම අවම වී තිබෙනවා. මෙම අලි අගල තරණය කර අලින්ට ගම් වැදීමට නොහැකි නිසා ගම් වැසියන්ටවිශාල අස්වැසිල්ලක් ලැබී තිබෙනවා. නමුත් මේ කිසි දෙයක් ජනමාධ්‍යවල යන්නේ නෑ.
මීට කලිනුත් මේ අලි මිනිස් ගැටුම මේ විදිහටම තිබුණා. නමුත් කවුරුවත් විසඳුමක් දුන්නේ නැහැ. අගල් කැපීම සඳහා මගේ අමාත්‍යාංශයට රජයෙන් සත පහක මුදලක් ලබා දීලා නෑ. නමුත් අපි යම් යම් උපක්‍රම භාවිත කරලා ඒ දේ කරන්නේ ජනතාවගේ යහපත පිණිසයි.
මිනිසුන් වගේම අපි වන අලිනුත් ආරක්ෂා කරන්න ඕන. මේ මැරෙන මිනිස්සු වගේම වන සතුන් ගැනත් අපි කතා කරනවා. ඒවට විසඳුම් සොයනවා. නමුත් සමහර සංවිධාන මේ වැඩේට අකුල් හෙළනවා. නමුත් එයාලා මේවට විසඳුමක් කවදාවත් යෝජනා කරන්නේ නෑ.
මේ මිනිස්සු සහ දේපළ විනාස වෙන එක ගැන එයාලට ප්‍රශ්නයක් නැහැ. නමුත් වනජීවී අමාත්‍යවරයා විදිහට මිනිස්සුන් සහ දේපළත් වගේම වන සතුනුත් ආරක්ෂා කර ගැනීම මගේ වගකීමක්. ඒ නිසා මේ වැඩපිළිවෙළ තවදුරටත් සාර්ථක කර ගන්න අපි ඉදිරියටම යනවා" යනුවෙන් පැවසීය.