"අපිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීම නීති විරෝධියි කියලා අභියාචණාධිකරණය ශුන්‍ය බල රහිත කර තිබෙනවා. එම නිසා ලබන 14 දින පවත්වන මධ්‍යම කාරක සභාවටත්,15 දින පවත්වන විධායක සභාවටත් අපි යනවා නැවත අපි පක්ෂයේ හිටපු තනතුරු වලට ඇවිත් පක්ෂයත් රැකගෙන රටත් රැකගෙන යන්න කටයුතු කරනවා" යැයි වරාය හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා බදුල්ලේදි පැවසීය,
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හාලිඇල නගරයේ සතිපොල විවෘත්තකිරීමෙන් පසු පැවති ජන හමුවේදීය, එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද පැවසීය.
"අපේ පක්ෂයෙන් අපිට ආණ්ඩුවට යන්න එපා කියද්දීත් අපි ආණ්ඩුවට ගිහින් රනිල්ට සහය දුන්නා. අපිට යමක් කරගන්න නොවෙයි බදුල්ලට යමක් කරගන්නයි ජන්දය දුන්නේ.
දේශපාලනය කියන්නේ අභියෝග වලට මුහුණ දීමක් අපි හැමදාම එවන් අභියෝග වලට මුහුණ දෙනවා. සජිත්ට අගමැතිකම දෙන්න ගියා බාරගත්තේ නෑ. එයා බයයි,ඉරිසියයි,කුහකයි,දැන් එයා අඩනවා. අන්තිමට මේ රට භාරගෙන ඉදිරියට ගෙන යන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපි සහය දුන්නා. එතුමා රට ඉදිරියට කරගෙන යනවා.
මේ රටේ ජේ.වී.පී හා පෙරටුගාමීන් රටේ උද්ඝෝෂණ තියෙනවාට කැමතියි. බෙහෙත් නැතිව,ගැස් ඉන්ධන පෝලිම් තියෙනවානම් හරිම සතුටුයි. නමුත් මේ රටේ ජනාධිපතිතුමා අද වෙද්දී රටේ තිබුන ජීවන බර ලිහිල් කළා. ඉදිරියේදි තවත් අඩු කරනවා. ජනාධිපතිතුමා ජනප්‍රිය තීන්දු වෙනුවට ගන්නේ නිවරදි තීන්දු" යැයි අමාත්‍යවරයා පැවසීය.
ප්‍රසන්න පද්මසිරි