ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචිව සිටින නිවස ඉදිරිපිට විරෝධතාව පැවැත්වූ තමන් ඇතුළු පිරිස ලංකාවේ අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.
කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඇය මේ බව පැවැසීය. අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට තමන් ඇතුළු පිරිස අපරාධයක් සිදුකර නොමැති බවත් ඇය සඳහන් කළාය.
"අපි ගියේ ජනතුමාගෙන් ප්‍රශ්න කරන්නයි. ඩොලර් නැතිවුණේ අනවශ්‍ය වියදම් නිසා.පුරුෂයන්ටත් වඩා කොන්ද තියෙන කාන්තාවන් ටිකක් එකතු වුණා.
බය නැතිව දැන් එළියට බහින්න. රාජපක්ෂලාට භීතිකාවක් තිබුණා. අපි ඒක කඩා දැම්මා. නායකයෙක් හොඳ වගේම විවේචනත් භාර ගන්න ඕන"