අපිත් ආසයි එතුමගේ අත්සනින් මුදල් නෝට්ටුවක් දකින්න - ඒත් මුදල් අච්චු ගැසීමක් සිදු කරලා නෑ
අලුතින් ණය ලබා ගැනීමක් හෝ මුදල් අච්චු ගැසීමක් සිදු කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“අපේ මුදල් ඇමතිතුමා තමයි වර්තමාන ජනාධිපතිතුමා. ඕනෑම අලුතින් මුද්‍රණය කරන මුදල් නෝට්ටුවක මුදල් ඇමතිවරයාගේ අත්සන තියෙන්න ඕනී. අනුර දිසානායක අපේ මුදල් ඇමතිතුමාගේ අත්සන සහිත නෝට්ටුවක් කොහේවත් නිකුත් වෙලා නෑ. එහෙම නෝට්ටුවක් තියෙනවා නම් කියන්න. අපිත් ආසයි එතුමාගේ අත්සනින් මුදල් නෝට්ටුවක් දකින්න. තවම නම් එහෙම එකක් නිකුත් වෙලා නෑ. ඒ නිසා ව්‍යාජ ප්රවෘත්ති ප්‍රචාරය කරනවා බිලියනයක මුදල් අච්චු ගහලා කියලා. ඒක සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක්. එහෙම අලුතින් මුදල් අච්චු ගැසීමක් සිදු වෙලත් නෑ. අලුතින් ණය ගැනීමක් සිදු වෙලත් නෑ.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

