අප්‍රේල් 11 දා හා 12 දා රජය විසින් ප්‍රකාශයට පත්කළ විශේෂ රජයේ නිවාඩුව බලපත්‍රලාභී වාණිජ බැංකුවලට අදාළ නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
"බැංකු සේවා සඳහා සියළුම බලපත්‍රලාභී බැංකු 2022 අප්‍රේල් 11 සහ 12 යන දෙදින තුල දී සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ." යැයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.