ගල් අගුරු ආනයනය කිරිම සදහා මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේ දි ඇමරිකානු ඩොලර් මිලියන 43.4ක් වැයවි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
2025 වර්ෂයේ අප්‍රේල් මාසයේ දි ගල් අගුරු ආනයනය කිරිම සදහා වැයවි ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලයන24.9ක් වන අතර එම මාසයට සාපේක්ෂව මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේ දි ගල් අගුරු ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 43.4ක දක්වා සියයට 74.2කින් වැඩිවි ඇත.
කෙසේවුවද මෙම වර්ෂයේ (2026) මුල්මාස හතර තුලදි (ජන- අප්‍රේල්) ගල් අගුරු ආනයනය කිරිම සදහා වැයවි ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 114.2කි. 2025 වර්ෂයේ මෙම කාලසිමාව තුල ගල් අගුරු ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 129.4ක මුදලක් වැයවි තිබුණි. ඒ අනුව මෙම වර්ෂයේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාසවල දි ගල් අගුරු ආනයනය වියදම අඩුවි තිබුණද අප්‍රේල් මාසයේ දි ගල් අගුරු ආනයන වියදම විශාල වශයෙන් වැඩිවි තිබුණි.