අපරාධ රැසකට සම්බන්ධ අපරාධකරුවන් දෙදෙනෙකු ආඬිඅම්බලම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
කටුනායක පොලීසිය සිදුකළ අපරාධ විමර්ශනයකට අදාළව සිදුකළ වැටලීමක දී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.
අදාළ සැකකරුවන් විසින් සිදූව, කටුනායක, කටාන සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල සිදුවූ මංකොල්ලකෑම් සහ සොරකම් රැසකට සම්බන්ධ වූවන් බවට අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී ජංගම දුරකථන, රූපවාහිනි යන්ත්‍ර ඇතුළු රුපියල් ලක්ෂ 7කට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් ද පොලීසිය භාරයට ගෙන ඇත.
සැකකරුවන් 31 හැවිරිදි වියේ පසු වන සීදුව සහ ආඬිඅම්බලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසය පවසයි.