අපරාධ චෝදනා නැති මත්ද්‍රව්‍යලෝලීන් සිරගත කිරීම නවතයි.?
බන්ධනාගාරවල තදබදය අඩුකිරීම සඳහා මින් ඉදිරියට මත්ද්‍රව්‍ය සුළු වශයෙන් පාවිච්චි කරන තැනැත්තන් රිමාන්ඩ් භාරයට පත් නොකර පුනරුත්ථාපනයට ඍජුවම යොමු කිරීම සදහා රජයේ ඉහළ නිලධාරීන් සලකා බලමින් සිටින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
රජයේ මත්ද්‍රව්‍ය නාශක වැඩසටහන වන රටම එකට වැඩසටහන යටතේ මේ වනවිට මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා විවිධ යෝජනා ක්‍රම සලකා බලමින් සිටින අතර ජාවාරම්කාරයන් පමණක් සිරභාරයට පත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත්තේ ඒ අනුවය.
පුනරුත්ථාපන මධ්‍යස්ථාන විශාල වශයෙන් රට තුළ නොමැති නිසා වෛද්‍යවරුන්ට මෙම මත්ද්‍රව්‍ය ලෝලීන් ඉදිරිපත් කර නිවසේ සිට පුනරුත්ථාපනය කළ හැකි අය නිවෙස් වල සිටද සෙසු අය පුනරුත්ථාපන මධ්‍යස්ථානවලද පුනරුත්ථාපනය කිරීමට රජයේ අවධානය යොමුවී තිබේ .
අපරාධ වලට යොමු වී නැති එහෙත් මත්ද්‍රව්‍ය සඳහා පමණක් ඇබ්බැහි වී සිටින පිරිස් පුනරුත්ථාපනය කර සමාජගත කිරීම මෙම වැඩසටහනේ අරමුණය.
මෙම කටයුතු පහසු කිරීම සඳහා මේ වනවිට පුනරුත්ථාපන අධිකාරිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවද මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ඇත.
ප්‍රේමකීර්ති රණතුංග
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

