මඩකලපුව එරාවුර් පොලිස් වසමේ අයියන්කේනි ප්‍රදේශයේ අපරාධ ක්‍රියාවන්වලට සම්බන්ධ සිව්දෙනෙකු අද (01දා) උදෑසන අත්අඩංගුවට ගත් බව මඩකලපුව දිස්ත්‍රික්ක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පි එස් බණ්ඩාර පැවසිය.
ලැබුණු තොරතුරක් අනුව දිස්ත්‍රික්ක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ මගපෙන්විමෙන් ප්‍රදේශයේ නිවෙස් වැටලීමේදී මහා ජනතාව බියගන්වා මහා කොල්ලකෑම් ,පිහි ඇනුම්,රන්භාණ්ඩ මංකොල්ලකෑම්,ගෙවල් බිඳීම ඇතුළු විවිධ අපරාධවල යෙදුනු සිව්දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලදී.
මෙම වැටලීමේදී වවුනියාවේ පදිංචි 40 හැවිරිදි හිටපු විමුක්ති කොටි ප්‍රධානි සෝලන් යන පුද්ගලයා ග්‍රැනයිට් සමග අත් අඩංගුවට පත්වුණි . මොහුට එරාවුර් පොලිසියේ නඩු දෙකක් ඇත.
තවත් පුද්ගලයෙකු කඩු, පොරොව සමග අත් අඩංගුවට පත්වී ඇත. මොහුට නඩු 11ක් ඇත. තවත් පුද්ගලයෙකු සතුව ග්‍රෑම් 6 ක හෙරොයින් මත් ද්‍රව්‍ය අත් අඩංගුවට ගෙන තවත් අයෙකු අත්අඩංගුවට පත්වූ බව පොලීසිය පැවසිය.
සිව්දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර තවත් පුද්ලයන් සෙවීමේ කටයුතු සිදුකරන බව පොලීසය තව දුරටත් පවසයි.
ටී එල් ජ්ව්ෆර්කාන්