ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායමක් උපයාගත් මාසය ලෙස පසුගිය වසරේ නොවැම්බර් මාසය ඉතිහාසයට එක්ව තිබේ. එම මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1211ක් වෙයි. එය 2020 වසරේ නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 784ක් විය.
එසේම 2021 නොවැම්බර් මාසයේදි ආනයවලද වැඩිවීමක් දක්නට ලැබෙන අතර එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1765ක් විය. එම අගය 2020 වසරේ නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1384ක් විය.
කෙසේ වෙතත් 2020 වසරේ නොවැම්බර් මාසය හා 2021 වසරේ නොවැම් මාසය හා සැසදීමේදි වෙළඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 600 සියට 553ක් දක්වා අඩුවීම කැපී පෙනෙයි.
ශ්‍රී ලංකාවේ අපනයන අගය ආසන්න මාස පහ තුළදී ඇමෙරිකානු ඩොලර් බිලියනයක ඉලක්කය ඉක්මවා තිබීම කැපී පෙනෙන සාධකයක් වෙයි.
2020 නොවැම්බර් මාසයේදී කිසිය ආදායමක් නොලැබුණ සංචාරක කර්මාන්තයෙන් 2021 නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක ආදාමක් උපයාගෙන තිබීම කැපී පෙනෙන වර්ධනයකි.
2020 වසරේ නොවැම්බර් මාසය හා සැසදීමේදී 2021 නොවැම්බර් මාසයේදී විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 612 සිට 271ක් දක්වා කැපී පෙනන අඩුවීමක් පෙන්නුම් කරයි.
එසේම 2020 වසරේ මුල් මාස 11 හා 2021 වසරේ මුල් මාස 11 හා සැසදීමේදී විදේස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 6291 සිට 5166ක් දක්වා අඩුවී තිබේ.
එම කාලසීමාවේදී අපනයන ඇමෙරිකානු ඩොලර් මිලියන 9083 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 11345ක් දක්වා වර්ධනය වී තිබේ.
