අපනයන ඉපයීම් දින 180ක් ඇතුළත ලංකාවට ගෙන්විය යුතු බව සඳහන් කරමින් ශ්රී ලංකා මහ බැංකුව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිිබේ.
මහ බැංකු අධපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනුව අපනයනය කර ඇති සියලු භාණ්ඩ සහ හෝ ශ්රීී ලංකාවෙන් පිටතට සපයන ලද සේවා වෙනුවෙන් වන අපනයන ඉපයීම් භණ්ඩ නැව්ගත කළ දිනයේ සිට හෝ සේවාව සපයන ලද දිනයේ සිට දින 180ක් ඇතුළත ලංකාවට ගෙන්විය යුතු බව සඳහන් වෙයි.
එම ගැසට් නවේදනය - http://documents.gov.lk/files/egz/2022/3/2270-66_S.pdf