අපනයනය ඉලක්ක කරගත් අලිගැටපේර ව්‍යාපෘතියක්
විදේශ වෙළඳපොලෙහි ඉහළ ඉල්ලුමක් පවතින අලිගැට පේර අපනයනය තුළින් රටට විදේශ විනිමය ගෙනඑන අතර අදාළ ගොවීන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමද ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කෙරෙන අලිගැටපේර ව්‍යාපෘතියක් ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ මෙහෙයවීමෙන් බණ්ඩාරවෙල සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය මඟින් ආරම්භ කොට තිබේ.
මෙම අලිගැටපේර ව්‍යාපෘතිය සඳහා ඉතා හොඳ අපනයන වෙළඳ පොළක් පවතින 'හෑස් ' නම් අලිගැටපේර ප්‍රභේදය වගා කිරීමටද සැළසුම් කොට ඇති අතර මධ්‍යම ප්‍රමාණයේ ගෙඩි හටගන්නා මෙම අලිගැටපේර විශේෂයේ සියයට 22ක පමණ මේද ප්‍රතිශතයක් අඩංගු වන බවද සඳහන් වේ.
මෙම ව්‍යාපෘතිය යටතේ බණ්ඩාරවෙල සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ කලාපයට අයත් දෙමෝදර ගවරවෙල ප්‍රදේශයේ අලිගැටපේර පැල තවානක්ද ආරම්භ කොට තිබේ. මෙහි නිපදවනු ලබන බද්ධ අලිගැට පේර පැල සඳහා අනුජය ලෙස ඔස්ට්‍රේලියාවෙන් ගෙනවන ලද හෑස් නමැති අලිගැට පේර විශේෂයේ රිකිලි යොදාගෙන ඇති අතර ග්රාහක පැල ලෙස මෙරට අලිගැට පේර වර්ගවලින් සුදුසු වර්ගවල බීජ තෝරා වගාකරනු ලබයි.
ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ උපදෙස් හා බණ්ඩාරවෙල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තුෂාණි මුණසිංහ මහත්මියගේ මෙහෙයවීමෙන් බැද්දේවෙල කොට්ඨාසයේ කෘෂිකර්ම උපදේශක ආර්. එම් විමලරත්න මහතාගේ අධීක්ෂණය මත මෙම අලිගැටපේර තවාන පවත්වාගෙන යනු ලබන්නේ පළපුරුදු තවාන්කරුවෙකු වන දෙමෝදර ගවරවෙල ජගත් බණ්ඩාර යන අය විසිනි.
ව්‍යාපෘතිය සඳහා මුල්‍ය දායකත්වය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය මගින් ලැබෙන අතර මෙම බද්ධ අලිගැට පේර පැල, බණ්ඩාරවෙල, හල්දුම්මුල්ල, හල්පේ, කුඹල්වෙල, හාලිඇල හා වැලිමඩ යන ප්‍රදේශවල ගොවීන් සම්බන්ධ කොටගෙන මුලින්ම අක්කර 600ක පමණ භූමියක වගා කිරීමටද සැලසුම් කර තිබේ. මෙම මාර්තු අප්‍රේල් කාලය තුළ ක්ෂේත්රයේ පැල සිටුවීම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
මෙම ව්‍යාපෘතිය පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිරීක්ෂණයටද ලක්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට සහභාගි වූහ.
ශ්‍රී ලංකාවේ පළමු වරට මෙවන් අපනයනය ඉලක්ක කරගත් අලිගැටපේර ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණු අවස්ථාව මෙය බවත් මෙරට අලිගැටපේර අපනයන අවශ්‍යතාවයෙන් කොටසක් හෝ මෙම ව්‍යාපෘතිය මගින් සපුරාගනිමින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට මෙමගින් හැකිවනු ඇතැයි විශ්වාස කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී සඳහන් කළේය.





හාලිඇල- විජේරත්න රත්නායක
popular news
-
Kumar Wednesday, 15 February 2023 04:21 PM
Californiyawe mexicowen saha dakunu americawe genena aligata pera wahiwahala. Aligata pera, amba, rambutan wani palathuru amerikawata oney tharam dakunu amerikawen genwenawa.
Reply : 0 0
janahitha Thursday, 16 February 2023 03:58 AM
ali pera [ala valin ali pera labenne naha meya kala yuthuva thibune vasara 5 pera nayata gaththa mudal mankollaye yeduna movunta meva penune naha
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

