සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් ශ්‍රී ලාංකික තරුණයාගේ දෙමාපියන් ජනාධිපති කාර්යාලයේදී ජනපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.
මෙහිදී ජනපතිවරයා පවසා ඇත්තේ සිවරාසා අනෝජන් මහතාට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරමින් සිටින බවත්, ඒ වෙනුවෙන් නෛතිකව සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බවයි.
විශේෂයෙන්ම, සෞදි රජුගෙන් මේ පිළිබඳව සමාව ලබා දෙන ලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ලිඛිතව ඉල්ලා සිටීමට පියවර ගන්නා බව මෙහිදී ජනපතිවරයා පවසා තිබේ.
අභියාචනා ඉදිරිපත් කිරීම ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මේ වන විට නිල වශයෙන් ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඔහුගේ දෙමාපියන් දැනුවත් කර ඇති අතර එම කටයුතු නිරන්තරයෙන්, සමීපව අධ්‍යයනය කරමින් සිටින බවද ජනපතිවරයා ප්‍රකාශ කර තිබේ.
