තත්වයෙන් අසමත්විම හේතුවෙන් රුපියල් අනුදෙකෝටි, අනුහත්ලක්ෂ, එක්දහස්නමසිය, හැත්තැඅටක්, (929,701,978)ක වටිනා වෛද්‍ය සැපයිම් 56ක් භාවිතයෙන් ඉවත්කර හෝ භාවිතය අත්හිටුවා තිබු බව ජාතික විගණන කාර්යාල පවසයි.
තත්වයෙන් අසමත් වෛද්‍ය සැපයුම් අතුරින් බොහොමයක දෘශ්‍ය අංශු, පැවතිම, පෙති කැඩියාම,වර්ණය වෙන්ස්විම, බ්‍රිතාන්‍ය ඖෂධවේද පරිවිතරයන්ට අනුකුල නොවිම, ක්ෂුද්‍රජිවි දුෂණය ආදි කරුණු හදුනාගෙන තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
භාවිතයෙන් ඉවත්කළ වෛද්‍ය සැපයිම් අතර හෘද රෝග, අක්ෂි ආසාදන, පිළිකා, වකුගඩු රෝග, සදහා භාවිතා කරණ ඖෂධ තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
තත්වයෙන් අසමත් වෛද්‍ය සැපයුම් ලැබිම අවමවන ආකාරයට රසායනාගාර පරික්ෂණ ප්‍රමාණය ඉහළ නංවා ගැනිම සහ වෙනත් සුදුසු විදිමත් පියවර අනුගමනය කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
කෙසේවුවද මේ පිළිබද ඖෂධ නිෂ්පාදනය, සැපයිම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට සදහන්කොට ඇත්තේ තත්වයෙන් අසමත් ඖෂධ රෝගින්ට නිකුත්විම අවම කිරිම සදහා එවැනි දෝෂ අවම හොද නිෂ්පාදන භාවිතාවන් අනුගමනය පිළිබද සහතිකලත් නිෂ්පාදන පමණක් මිලදි ගැනිමට කටයුතු කරණ බවය.
එමෙන්ම 2020 වර්ෂයේ ජුනි මාසයට පෙර කාලසිමාවේ දි ඖෂධ නිකුත් කිරිමට පෙර ඖෂධවල තත්වය පරික්ෂාකිරිමේ ක්‍රමවේදයක් නොතිබු බවද සදහන් කොට ඇත.
කෙසේවුවද මේ වනවිට ලැබෙන ඖෂධ කාණ්ඩ කිහිපයකින් නියදි ලබාගෙන රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථවේ රසායනාගාරය වෙත යාව පරික්ෂා කිරිමේ ක්‍රමවේදයක් ආරම්භකර ඇති බවද ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සදහන්කොට ඇත.
ඖෂධ නිෂ්පාදනය, සැපයිම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.