මිහින්තලේ අනුලාතිස ෙඒතිහාසික පූජාභූමියේ සිදුකරන ලද කැනීම් වලින් තවත් ෙඒතිහාසික පුරාවස්තු රැසක් හමුවී ඇත.
පසුගියදා (23) සිදුකරන ලද මෙම කැණීම් තුලින් මැටි මංජුසා, හමුවූ අතර එම මැටි බඳුන් තුළ තිබී ලෝහමය ආභරණ හා පපලු වර්ග මෙන්ම පුළුස්සන ලද අස්ථි කැබලි ආදී ෙඑතිහාසික වස්තූන් හමුවී ඇත. මෙම අස්ථී කැබලි රහතන් වහන්සේලාගේ භෂ්මාවශේෂ ලෙසින්ද සැකයක් මතුවී ඇත.
මෙම ස්ථූපයේ අවසන් අදියරේ කැණීම් කටයුතු සිදුකෙරෙමින් පවතින අතර මීට පෙර පළිඟු කරඩුවක කොටස්ද, ශිලා මංජුසාවක්ද, විවිධ ප්රමාණයේ, විවිධ වර්ධයෙන් යුත් හා විවිධ හැඩයෙන් යුත් පබළු වර්ගද හමුවී තිබිණ. මෙම අනුලාතිස ස්ථූපය මිහින්තලේ මරදන්කුලම, පුවරසන්කුලම (ශ්රමදාන මාවතේ) පිහිටා ඇත.





