“අද අපේ රටේ ඇතිවෙලා තියෙන්නේ ඉතිහාසයේ කවරදාවකවත් ඇති නොවූ බරපතල තත්වයක්. රජය අසමත්වෙලා තියෙනවා අපේ රටේ ජනතාවගේ මූලික අවශ්‍යතා කලට වේලාවට ලබාදෙන්න. ඒ නිසා මේ තත්වය ඉතා දිළිඳු පුද්ගලයාගේ සිට බලවත්ල ධනවත් පුද්ගලයා දක්වා බලපාලා තියෙනවා” යැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසූවේ අද (03) පන්නල ඊරියගොල්ල ඒ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
පෙර නොවූ විරූ විදිහට අපේ රටේ ජීවන වියදමත් ඉහළ යනවා. මම හිතනවා මේ රජය අසමත්වෙලා තියෙනවා රටේ මූලික අවශ්‍යතා ඉටුකිරීමට. රජය ඔවුන්ගේ මේ නොහැකියා තත්වය භාරගත යුතුයිත
මේ නිසා ඇතිවුණ ජනතා අප්‍රසාදයට රජය වගකිව යුතුයි. මේ අප්‍රසාදය ගොඩනැගෙන්නේ නාගරික මධ්‍යම පාන්තික ජනතාවගෙන්. එය දැන් ග්‍රාමීය මට්ටම දක්වා පැතිරි. ඒ නිසා තමයි දැන් සති කිහිපයක සිට පන්දම් දල්වගෙන පාරවල් අයින්වල කවදාවත් ජීවිතේ ගෙවල්වලින් එළියට නොබැහැපු අය, කාන්තාවන් කුඩා දරුවන් වඩාගෙන ඉන්නවා දැක්කේ.
ඒක සමාජමය වශයෙන් දැවැන්ත ප්‍රශ්යක් වෙලා. ලංකාව තුළ කවදාවත් මෙවැනි තත්වයක් ඇතිවෙලා නැහැ. මෙවැනි තත්වයක් තුළ රජයක් හදිසි නීතිය යොදා ගැනීම අපිට පිළිගන්නට පුඵවන් කමක් නැහැ. මේවායෙන් වෙන්නේ ජනතාවගේ කෝපය තවත් වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ.
තමන් අසමත්වෙලා කියන කාරණාව රජය පිළිගන්න ඕනා. මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න පුඵවන්වෙන්නේ එතකොටයි. අපි මන්ත්‍රීවරු හැටියට රජය ගන්නා සෑම දේකටම අන්ධයින් ලෙස අත ඔසවන්න ලෑස්ති නැහැ. අපි ප්රජාතන්ත්රවාදී ලෙස ජනතාවගෙ පැත්තෙන් බලලා ක්‍රියාකරන්න ඕන.
මේ වෙලාවේ කිසිම පක්ෂයකට අයිති පුද්ගලයන් ලෙස මහජනතාව සලකන්නේ නැහැ. දෙසිය විසිපස්දෙනාම එකයි කියලයි ඔවුන් සලකන්නේ. රජය පළමුව තමන්ගේ අසමත්කම් පිළිඅරගෙන පැනනැගී ඇති ගැටඵවලට උත්තර සොයන්න ඉතාමත් ඥානවන්තයින්ගෙන් සමන්විත ක්‍රමවේදයක් සකස්කලයුතුයි. එසේ කළොත් පමණයි මේ ප්රශ්නය විසඳන්න පුඵවන්වෙන්නේ.”
