පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කර තිබේ.
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා උතුරු හා නැගෙනහිර පළාත් මන්ත්‍රීවරු හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා විසින් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාට දැඩි විවේචනයක් පසුගියදා එල්ල කළේය.
කෙසේ වෙතත් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුවක් එම ලිපියේ දන්වා නොමැති බව වාර්තා වෙයි.