අනුරාධපුර සිට ඕමන්ත දක්වා වන දුම්රිය මාර්ගය පිළිසකර කිරීම වෙනුවෙන් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 33ක් වෙන්කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු ජනවාරි මස 5දා ආරම්භ කරන බවත් මාස 5ක කාලයක් එම පිළිසකර කිරීමේ කටයුතු ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම කාලසීමාව තුළදී කොළඹ සිට අනුරාධපුරය දක්වා දිනපතා දුම්රිය ගමන් වාර පහක් ඉහළ හා පහළ ලෙස ක්‍රියාත්මක වන බවත් ඔහු පැවැසීය.
අනුරාධපුරයට පැමිණෙන මගීන් බස්රථ හරහා යාපනයට ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවැසීය.
දුම්රිය මාර්ගය නවීකරණය කිරිම ඉන්දීය ඉර්කොන් සමාගම විසින් සිදුකරයි. මාර්ගය පිළිසකර කිරීමෙන් පසුව එහි පැයට කිලෝමීටර් 100ක වේගයකින් දුම්රිය ධාවනය කිරීමට අවස්ථාව ලැබෙන අතර යාපනය - කොළඹ ගමන් කාලය පැයකින් අඩුවෙනු ඇතැයි අපේක්ෂා කරයි.