දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් අනුරාධපුර සිට වව්නියාව දක්වා ලබන ජනවාරි මස 5දා සිට මාස පහක කාලයක් වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම මාස පහක කාලයේ කොළඹ කොටුව සිට අනුරාධපුර සහ අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා පමණක් දුම්රිය ධාවනය වේ.
අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා මගීන්ගේ ගමන් පහසුව සඳහා බස් රථ යොදවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
කන්කසන්තුරය - මුරුක්කණ්ඩි දක්වා ධාවනය වන ‘යාල්රාණි’ දුම්රිය එම කාලය තුළ වව්නියාව දක්වා ධාවනය වන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය