අනුරාධපුර නගරාසන්නයේ ප්රසිද්ධ දේවාලයක් පවත්වා ගෙන ගිය කාන්තාවකගේ දියණියට අයත් ලක්ෂ 80කට වැඩි රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම නිවසේ ගෘහ සේවයේ යෙදී සිටි කාන්තාවක් සහ ඥාති පුත්රයෙකු ඊයේ (22දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එම දියණියට අයත් නිවසේ වසර 6ක කාලයක් ගෘහ සේවයේ නිරතවූ , බලංගොඩ, දෙතනගල, මාරතැන්න ප්රදේශයේ පදිංචිව සිටී 48 හැවිරිදි කාන්තාවක් සහ ෙඇගේ 20 හැවිරිදි ඥාති පුත්රයා බව පොලිසිය කියයි.
නිවසේ කාමරයක තිබූ මුදල් රුපියල් 650000 සහෙරුපියල් 7400000ක, දියමන්ති ඔබ්බවන ලද කරාබු, මුදු, වළලු, පෙන්ඩන්, රන් තැලි, සොරකම් කර ඇති බවට පවසමින් ඉකුත් 20 දා ලැබුණු පැමිණිල්ලකට අනුවමෙම විමර්ශනය ආරම්භ කළ බව පොලිසිය කියයි.
එම නිවසේ මෙහෙකාරිය සහ ඇගේ ඥාති පුත්රයා එම නිවසේ සේවය කරමින් සිටියදී පසුගිය 7දා ඔවුන් එම නිවසින් පිටව ගොස් තිබූ බව පැමිණිල්ලේ සඳහන් ඇතැයි පොලිසිය කියයි.
අදාළ කාන්තාව සහ ඔහුගේ ඥාති පුත්රයා මෙම සොරකමට සැක කරන බව පවසමින් මෙම පැමිණිල්ල ලැබී තිබූ අතර, පසුව අනුරාධපුර නොවිසඳුණු අපරාධ ඒකකයේ පොලිස් කණ්ඩායමක් පින්නවල පොලිස් වසමේ දෙතනගල මාරතැන්න ප්රදේශයට ගොස් සැකකාරිය සහ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව සැකකරු සහ සැකකාරිය අනුරාධපුර පොලිසියට රැගෙන විත් සිදු කළ දීර්ඝ ප්රශ්න කිරීම් වලදී මම රන් භාණ්ඩ සොරකම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අනුරාධපුර විශේෂ - බී.ජී. චතුරංග