අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ වැටලීම් අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයෙකු 18 අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය .
ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථන 5 ක් ද පොලිස් භාරයට ගෙන ඇත .
පොලිස් භාරයට ගත් ජංගම දුරකථන වල දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරමකට යම් ආකාරයකින් අනුබලදීම සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙන බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
43 හැවිරිදි සැකකාර පොලිස් පරීක්ෂකවරයා අ අනුරාධපුර අධිකරණය වෙත ඉදිරිපත් කර දින 7 ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය
අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

