අනුරලාගේ චෝදනා මෛත්‍රී ප්‍රතික්ෂේප කරයි
මහබැංකු බැඳුම්කර වංචාවෙන් සොරාගත් මුදල් වලින් යම් කොටසක් එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම පවුලේ උදවියට බෙදා දුන් බවට දූෂන විරෝධී හඩ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් කරන ලද චෝදනාව තරයේ පිළිකුලෙන් යුතුව හෙලා දකින බව හිටපු ජනපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පදනම් ආයතනයේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී මහබැංකු බැඳුම්කර වංචාවට අදාල කරුනු ඉදිරිපත් කිරීමේදී වසන්ත සමරසිංහ මහතා මෙම චෝදනාව ඉදිරිපත් කළේය.
දේශපාලන වාසි තකා පදනම් විරහිතව නිරිදෝශී පුද්ගලයන්ට චෝදනා එල්ල කිරීම සදාචාරාත්මක දේශපාලන ක්‍රියාවක් නොවනු ඇති බවත් ඉදිරියේදී මෙම ද්වේශ සහගත ප්‍රකාශය සම්බන්ධව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද එම නිවේදනයේ දැක්වෙයි.
“මෙය සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර ප්‍රකාශයක් වන අතර මහබැංකු වංචාවේ දූෂිත ගණුදෙනු හෙලිකර ගැනීමට ශ්‍රී ලංකා ඉතිහාසයේ වෝහාරික විගණනයන් හා ශ්‍රේෂ්ඨාධිකරන විනිෂ්චකාරවරුන්ගෙන් සමන්විත ජනාධිපති කොමිසමක් පත්කරමින් මහබැංකු බැඳුම්කර වංචාව විමර්ශණය බොහෝ දෙනෙක් අගය කරන කරුණක් වන අතර එය දෙස් විදෙස් ගෞරවයට පාත්‍ර වූ කාරණයක් බවද වැඩිදුරටත් දන්වා සිටිමි.”
popular news
-
LGPJ Tuesday, 03 May 2022 06:03 PM
Ex. President, Mr. Sirisena, You can try at court in Sri Lanka.
Reply : 0 0
LGPJ Tuesday, 03 May 2022 06:03 PM
Ex. President, Mr. Sirisena, You can try at court in Sri Lanka.
Reply : 0 0
LGPJ Wednesday, 04 May 2022 03:29 AM
Ex President. Mr. Sirisena. Please try at court in Sri Lanka.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

