අනුරපුරේ ආපු කට්ටිය කළා වැවත් කාලා
පොසොන් වන්දනාවේ අනුරාධපුරේ පැමිණි බැතිමතුන් විනාශ කර දමා තිබු කළාවැව අවට පිරිසිදු කිරීම රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් 12 දින දවස පුරා පැවැත්විණි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ බෝතැන්න ජලාශ භාර ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහවැලි අධිකාරියෙ ගල්නෑව සහ ඉපලෝගම ප්‍රාදේශීය සභා දේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම ශ්‍රම දානය පැවැත්විණි.
අනුරාධපුර වන්දනාවේ පැමිණි බොහෝ දෙනෙකුට කිලෝ මීටර් හතකින් දුර වූ අලංකාර මනස්කාන්ත වැව් බැම්ම දැඩි ලෙස අපවිත්‍ර කොට තිබිණි.
දන්සැල් වලින් රැගෙන ආ ආහාරපාන ලබා ගෙන දිරන සහ දිරන ද්‍රව්‍ය බෝතල් මෙන්ම මත්පැන් බෝතල් ද රැසක් මෙම වැව් බැම්මේ තැන තැන දමා තිබිණි ඊට අමතරව වැව් ජලයට ද අප ද්‍රව්‍ය එක්කර තිබීම විශේෂත්වයකිි.
රාජ්‍ය නිලධාරීන් කණ්ඩායම්වලට බෙදී කිලෝමීටර් හතක් වූ වැව් බැම්ම සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීම සිදුකළ බවත් ටොන් ගනාවක් අපද්‍රව්‍ය එකතුකළ බවත් ප්‍රධාන ඉංජිනේරුවෝ බුද්ධික මහේෂ් නවරත්න මහතා සඳහන් කළේය
පසුගිය සිංහල අලුත් අවුරුදු සමයේත් වෙසක් සැමරුම් සමයේත් පොසොන් සැමරුම් සමයේත් මේ ආකාරයටම කලා වැව ප්‍රදේශයේ ජනතාව විසින් පරිසරය විනාශ කොට තිබිණ .





popular news
-
Lankara Saturday, 14 June 2025 04:28 AM
Nuwara giya nuwara kewa A.pura giya wewath kewa Mae parayo loke water kohe giyath Ehema thamai thama gal yugaye wanachari
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

